― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබාලවයස්කාර නෑනාට හදි කළ මස්සිනා සොයා මෙහෙයුම්

බාලවයස්කාර නෑනාට හදි කළ මස්සිනා සොයා මෙහෙයුම්

තම බිරිඳගේ නැඟණිය වන බාලවයස්කාර පාසල් සිසුවියක් ලැඟුම්හලකට කැඳවාගෙන ගොස් ඇයව දූෂණය කළ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති බව ආණමඩුව පොලීසිය පවසනවා.

ඊයේ (21) දහවල් කාලයේ හලාවත නගරයේ පවත්වා ගෙන යන ලැඟුම්හලකදී මෙම අපරාධය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස දූෂණයට ලක්ව ඇත්තේ ආණමඩුව ප්‍රදේශයේ පාසලක 11 වන වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවියෙක් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මෙම සිසුවියගේ සහෝදරිය විවාහ වී හලාවත ප්‍රදේශයේ පදිංචිව සිටින අතර ඇයගේ ස්වාමියා සමඟ සිසුවිය ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශණවල දී අනාවරණය වී තිබෙනවා.

එම සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙස සැකකරු විසින් සිසුවිය මෙලෙස ලැඟුම්හලකට කැඳවාගෙන ගොස් දූෂණය කර ඇති බව සඳහන්. අදාළ සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ආණමඩුව පොලීසිය වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබනවා.