― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසුබසාධක ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

සුබසාධක ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා පත් නොකිරීම හේතුවෙන් ප්‍රතිලාභ හිමි පිරිසට මුදල් ගෙවීමට නොහැකි වී තිබේ.

අදාළ මුදල් ගෙවීම අනුමත කිරීමට මණ්ඩලය රැස් විය යුතු බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කමල් පද්මසිරි පැවසුවේ.

එහෙත් සභාපතිවරයා පත් නොවීම හේතුවෙන් මුදල් ගෙවීම් අනුමත කිරීමට නොහැකි වී තිබේ.

මේ අතර සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් එවා ඇති නාම ලේඛනයේ සමෘර්ධි ප්‍රතිලාභීන් බොහෝ දෙනෙකුගේ නම් ඇතුළත් නොමැති බවට සමෘර්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය චෝදනා කර තිබේ.