28 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනෙළුම් කුළුණේ කුරුටු ගෑම වැළැක්වීමට නව වැඩපිළිවෙලක්

නෙළුම් කුළුණේ කුරුටු ගෑම වැළැක්වීමට නව වැඩපිළිවෙලක්

කොළඹ නෙළුම් කුළුණේ නැරඹුම් ස්ථානය මේ වන විට නව වෙනසකට ලක් කර තිබෙනවා.

ඒ අනුව කුළුණේ නැරඹුම් ස්ථානයේ සිට අවට පෙනෙන කොළඹ ප්‍රසිද්ධ ස්ථාන පිළිබඳ දැනුවත් කිරීමේ පුවරු ප්‍රදර්ශන කිරීමේ වැඩපිළිවෙලක් දියත් කර තිබේ.

නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරියේ පිහිටි බිත්තිවලට හානි කිරීම් පසුගිය කාලයේ විශාල වශයෙන් වාර්තා වූ අතර ඒවා නැවත පිළිසකර කිරීමට විශාල පිරිවැයක් ද දැරීමට සිදුව තිබුණි. මෙම නව වැඩපිළිවෙල යටතේ බිත්තිවලට හානි සිදු කළ නොහැකිවන ආකාරයට පුවරු සවි කර ඇත.

ඒ අනුව නෙළුම් කුළුණේ නිරීක්ෂණ මැදිරියේ හඳුනාගත් අභියෝග මත පදනම්ව, ක්‍රියාකාරී පියවරක් ලෙස මෙම වැඩපිළිවෙල දියත් කෙරේ.