ජනාධිපති රනිල් වික්රමසිංහ අද (22) සිංගප්පූරුවේදී ශ්රී ලංකාව සහ සිංගප්පූරුව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබේ.
ජනාධිපතිවරයා එලෙස අත්සන් තබා ඇත්තේ පැරිස් ගිවිසුමේ සඳහන් කාල රාමුව ඇතුළත කාබන් හර කිරීම පිළිබඳ ශ්රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමකටයි.
ජනාධිපතිවරයා මේ වනවිට සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරතව සිටී.