― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldතායිලන්තයට ආ එරට හිටපු අගමැති අත්අඩංගුවට

තායිලන්තයට ආ එරට හිටපු අගමැති අත්අඩංගුවට

වසර 15ක කාලයක් තායිලන්තයෙන් පිට වී විදේශගතව සිටි එරට හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ෂිනවාත්‍රා යළි තායිලන්තයට බලා පැමිණ තිබේ.

එසේ පැමිණි සැණින් ඔහු අත්අංගුවට ගෙන අධිකරණයට යොමු කර පසුව බන්ධනාගාරගත කර අති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

2006 වසරේදී දූෂණ චෝදනා එල්ල වනවිට හමුදාව රටේ බලය අල්ලා ගැනීමෙන් පසුව ෂිනවාත්‍රාට බලය අහිමි විය.

ඔහු අත්අඩංගුවට ගැනීමට පෙර තායිලන්තයෙන් පිටුවහල් වී විදේශගත වීමට තීරණය කර තිබූ අතර තක්ෂින් නොමැතිව, බැංකොක් අධිකරණ ඔහුට වසර දෙකක සිර දඬුවමක් ද ලබා දී තිබුණි.

තක්ෂින් යළි පැමිණියහොත් ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිතය තිබුණි. ඒ අනුව, තක්ෂින් ෂිනවාත්‍රා ඔහුගේ පෞද්ගලික ජෙට් යානයෙන් බැංකොක් අගනුවර ඩොං මුවෙන්ග් ගුවන්තොටුපොළ බලා පැමිණි සැණින් අත්අඩංගුවට ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරළේ.