― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමෙරට ගුරුවරුන් 45,000කගේ හිඟයක්

මෙරට ගුරුවරුන් 45,000කගේ හිඟයක්

මෙරට පාසල් පද්ධතිය තුළ 45,000ක ගුරු හිඟයක් පවතින බව ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තිය සංගමය පවසයි.

එවන් හිඟයක් තිබියදීත් වසර පහකින් විද්‍යා පීඨ සහ ගුරු විද්‍යාලවලට ගුරු සිසුන් බඳවාගෙන නොමැති බව එම සංගමයේ උප ලේකම් එස්.එම්.පී. බණ්ඩාර සඳහන් කළේය.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ලේකම්වරයා කියා සිටියේ ගුරු සිසුන්ගේ අවසන් පරීක්ෂණ ලකුණු ලබාදී ඔවුන්ට ගුරුපත්වීම් ලබාදී තිබුනත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පිළිතුරු පත්‍ර ගාස්තු ගුරු අධ්‍යාපනඥ සේවා කථිකාචර්යවරුන්ට ගාස්තු ගෙවා නොමැති බවයි.