ඉන්දියාවේ පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් 17 දෙනෙක් ජීවිතක්ශයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ මිසොරාම් ප්‍රදේශයේ ස්ථානයක ඉදි කෙරෙමින් පවතින පාලමක් කඩා වැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
තවත් පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි සැක කෙරෙන අතර මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේදී එම ස්ථානයේ කම්කරුවන් 35ත් 40ත් අතර පිරිසක් සිට ඇති බවයි වාර්තා වන්නේ.