― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමගේ ජීවිතයට හානියක් වුණොත් පොලිස්පතිවරයා වගකිව යුතුයි

මගේ ජීවිතයට හානියක් වුණොත් පොලිස්පතිවරයා වගකිව යුතුයි

තමාගේ ජීවිත ආරක්ෂාව සදහා පොලිස් රැකවරණය ලබාදිය යුතු බවට නීතියෙන් අවසර ලැබී ඇතත් පොලිස්පතිවරයා ඒ පිළිබදව මෙතෙක් කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නැතැයි හිරු ටීවී මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම ඊයේ (20) පැවසීය.

අධිකරණ නියෝග පොලිසිය විසින් ක්‍රියාත්මක නොකරන තත්ත්වයන් තුළ තමාගේ ජීවිතයට යම් හානියක් වුවහොත් ඊට පොලිස්පතිවරයා සම්පූර්ණයෙන් වගකිව යුතු බව චමුදිත සමරවික්‍රම අවධාරණය කළේය. 

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පොලිස්පතිවරයා දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට කොතෙකුත් උත්සාහ කළද නොහැකිවූ බවත් පොලිස්පතිවරයාගේ මෙම කි‍්‍රයාව සහ තමාට මෙතෙක් ආරක්‍ෂාව නොලැබීම සම්බන්ධවත් අගමැති මහින්ද රාජපක්‍ෂට දැනුම් දෙන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

ජාතික ආරක්‍ෂාව පිළිබදව පෙනී සිටින පොලිස්පතිවරයා තමා සමඟ දුරකථනයෙන් කතාබහ කිරීමට පවා මැලිකමක් දක්වන්නේ පුද්ගලික අමනාපයක් නිසා විය හැකි යැයිද චමුදිත පවසයි.

මේ පිළිබදව මහජන ආරක්‍ෂක ඇමති විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර සමඟ තමා දුරකථනයෙන් කතාබහ කළ බවත් ඒ සදහා අවශ්‍ය පියවර ගන්නා බව ඔහු පැවසූ බවත් චමුදිත චමුදිත කියා සිටියේය.