30 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කෙරේ

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කෙරේ

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ රුපියල් පනස් හත් ලක්ෂයක විදුලි බිලක් නොගෙවීම හේතුවෙන් මෙලෙස ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කිරීමට පියවර ගත් බවයි.

කෙසේනමුත් දිඹුලාගල ආරණ්‍යයේ හිමිවරුන් පවසන්නේ විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් වන අලි තර්ජනවලට දැඩිව මැදිව සිටින තම ජීවිත දැඩි අවදානමට ලක්ව ඇති බවයි.

1982 වසරේ සිට දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට නොමිලේ විදුලිය ලබා දී ඇති අතර පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට ආරණ්‍ය සේනාසනයේ විදුලිය සඳහා බිලක් නිකුත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබේ.