කොල්ලුපිටිය ප්‍රදේශයේ අවන්හලකින් රැගෙන ගිය ආහාරයක පණුවන් සිට ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබේ.
නීතිඥවරියක් විසින් එම අවන්හලෙන් ආහාර රැගෙන නිවසට ගොස් අනුභව කිරීමට සූදානම් වූ අවස්ථාවේදී පනුවන් සිටි බව දැක ඇති අතර ඇය ඒ පිළිබඳව වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණිලි කර ඇත.
කෙසේනමුත් වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවේ ආපනශාලාව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා නිසි පියවර ගන්නා බවයි.