26.1 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවත් ප්‍රතිජීවක කාණ්ඩ 3ක් භාවිතයෙන් ඉවතට

තවත් ප්‍රතිජීවක කාණ්ඩ 3ක් භාවිතයෙන් ඉවතට

තවත් ප්‍රතිජීවක කාණ්ඩ තුනක් භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙලෙස භාවිතයෙන් ඉවත් කර ඇත්තේ දරුවන්ගේ ශ්වසන රෝග ඇතුළු බැක්ටීරියා ආසාදන සඳහා භාවිත කරන ‘කෝ ඇමොක්සික් ලෙව්’ නමැති ප්‍රතිජීවක ඖෂධයයි.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සමාගමට අයත් මෙම ප්‍රතිජීවක ඖෂධ කාණ්ඩ තුන තත්ත්වයෙන් බාල බව තහවුරු වීම හේතුවෙනුයි භාවිතයෙන් ඉවතට දමා ඇත්තේ.

අදාළ ඖෂධ කාණ්ඩ තුන භාවිතයෙන් වහාම ඉවත් කරන ලෙස වෛද්‍ය සැපයුම් අංශය සියලුම රෝහල්වලට දැනුම් දී තිබේ.