― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsකුඹුරු 90% කට ජලය දී අවසන් - මහවැලි අධිකාරිය

කුඹුරු 90% කට ජලය දී අවසන් – මහවැලි අධිකාරිය

අද (25) දිනය වනවිට යල කන්නයේ වගා කළ කුඹුරුවලින් 90% කට පමණ ජලය මුදා හැර අවසන් කර ඇති බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.

මහවැලි ජලාශවලින් භාවිතයට ගත හැකි ජල ප්‍රමාණය මේ වනවිට 18% ක් දක්වා පහළ ගොස් ඇති අතර කලා වැවෙන් පෝෂණය වන සියලු ගොවිබිම් වෙත ජලය මුදා හැරීම ලබන 10 වැනිදායින් අවසන් කරන බවයි එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.