― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldපෙන්ගුයින් සත්ත්වයින් දහස් ගණනක් ජීවිතක්ෂයට

පෙන්ගුයින් සත්ත්වයින් දහස් ගණනක් ජීවිතක්ෂයට

ඇන්ටාක්ටික් මහාද්වීපයේ ප්‍රදේශයේ පෙන්ගුයින් පැටවුන් අසාමාන්‍ය ආකාරයෙන් මරණයට පත්වීමක් නිරීක්ෂණය වී ඇති බව විදෙස් වාර්තා පවසනවා.

කුඩා පෙන්ගුයින් පක්ෂීන් 10,000ක් පමණ මේ වන විට මියගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මුහුදේ පිහිනීමට අවශ්‍ය ජල ආරක්ෂිත පිහාටු සම්පූර්ණයෙන්ම වර්ධනය වීමට පෙර පැටවුන් ඇති දැඩි කරන ලද අයිස් තට්ටු කැඩී යාම හමුවේ එම සත්වයින් බොහෝ විට දියේ ගිලී මිය යාමට ඉඩ ඇති බවට පර්යේෂණ මගින් තහවුරු වී තිබෙනවා.

මෙම අයිස් තට්ටු කැඩී යාම 2022 වසර අගභාගයේදී, ඇන්ටාක්ටික් මහාද්වීපයේ බටහිර දෙසින්, Bellingshausen මුහුදට ඉදිරියෙන් පිහිටි ප්‍රදේශයක සිදු වී ඇති අතර එය චන්ද්‍රිකා ඡායාරූපවලද පටිගත වී ඇතැයි සඳහන්.

බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටික් සමීක්ෂණයේ ආචාර්ය පීටර් ෆ්‍රෙට්වෙල් පැවසුවේ මෙම මරණ ඉදිරියේදී සිදුවීමට ඇති සිදුවීමක පෙර නිමිත්තක් විය හැකි බවයි. ඇන්ටාක්ටික් මහාද්වීපයේ මුහුදු අයිස් නිරන්තරයෙන් උණුසුම් වන ගෝලීය තත්වයන් හමුවේ අධිරාජ්‍ය පෙන්ගුයින් ජනපදවලින් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් මෙම සියවස අවසන් වන විට වඳ වී යනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

“අධිරාජයන් තම අභිජනන චක්‍රය සඳහා මුහුදු-අයිස් මත රඳා පවතී; එය ඔවුන් තම පැටවුන් ඇති දැඩි කිරීමට භාවිතා කරන ස්ථාවර වේදිකාවයි. නමුත් එම අයිස් තිබිය යුතු තරම් පුළුල් නොවන්නේ නම් හෝ වේගයෙන් කැඩී ගියහොත්, මෙම පක්ෂීන් පත්වන්නේ කරදරයකටයි. බලාපොරොත්තුවක් ඇත: අපට උණුසුම් වීමට හේතු වන අපගේ කාබන් විමෝචනය කපා හැරිය හැක. එසේ නොකළහොත් අපි මෙම සංකේතාත්මක, ලස්සන කුරුල්ලන් වඳවීමේ අද්දරට තල්ලු කරනු ඇත.” යනුවෙන් ආචාර්ය පීටර් ෆ්‍රෙට්වෙල් ප්‍රකාශ කළා.

දකුණු අර්ධගෝලයේ ශීත ඍතුව ළං වන විට වැඩිහිටි පක්ෂීන් මාර්තු මාසයේදී මුහුදු අයිස් මතට ගමන් කරන අතර ඔවුන් බිත්තර දමමින් පැටවුන් බිහි කරනු ලබනවා. පසුව ඊළඟ මාසවලදී ඔවුන්ගේ පැටවුන් පෝෂණය කරනු ලබන්නේ එම පැටවුන්ට ලෝකය තුළ තනිව ජිවත් වීමට හැකියාව පැමිණෙන තෙක්.

මෙය සාමාන්‍යයෙන් සිදුවන්නේ දෙසැම්බර්, ජනවාරි කාලය තුළ නව කුරුල්ලන් සාගරයට යන අවස්ථාවේදී යි. නමුත් දහස් ගණන් පැටවුන්ට පිහිනීමට අවශ්‍ය සිනිඳු පිහාටු ලැබීමට පෙර නොවැම්බර් මාසයේදී මුහුදු අයිස් ඛණ්ඩනය වන ආකාරය පර්යේෂණ කණ්ඩායම නිරීක්ෂණය කර තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස ජනපද හතරක් සම්පූර්ණ අභිජනනය අසාර්ථක වූ අතර රොත්ස්චයිල්ඩ් දූපතේ උතුරු දෙසින් පිහිටි ස්ථානය පමණක් යම් සාර්ථකත්වයක් ලබා ඇතැයි සඳහන්. එපමණක්ද නොව මෑත මාසවලදී අයිස් තට්ටු සෑදීම මන්දගාමී වීම හමුවේ අවම වශයෙන් තවත් වසරක්වත් පෙන්ගුයින් පැටවුන් බිහි නොකරනු ඇති බවයි නිරීක්ෂකයන්ගේ අදහස වන්නේ.

මෙම තත්වය මත පෘථිවියේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන්ගේ ලැයිස්තු තබා ගන්නා සංවිධානය වන සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IUCN) විසින් අධිරාජ්‍යය පෙන්ගුයින් තර්ජනයට ආසන්න ලෙස වර්ගීකරණය කර තිබෙනවා.