― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවියළි කාලගුණයෙන් දිස්ත්‍රික් 18කට දෙලක්ෂ අනූ දහසකට පීඩා

වියළි කාලගුණයෙන් දිස්ත්‍රික් 18කට දෙලක්ෂ අනූ දහසකට පීඩා

දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 18ක පුද්ගලයන් දෙලක්ෂ අනූ දහසකට අධික පිරිසක් දැඩි පීඩාවට පත්ව සිටිනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට සඳහන් කළේ යාපනය, මුලතිව්, මන්නාරම, වවුනියාව, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, බදුල්ල, මොණරාගල, හම්බන්තොට, රත්නපුර, කෑගල්ල, මහනුවර, මාතලේ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පවුල් 84,643ක පුද්ගලයන් 291,715ක් පවතින වියළි කාලගුණය හේතුවෙන් පානීය ජල හිඟයකට මුහුණ පා සිටින බවයි.

යාපනයේ පුද්ගලයින් 70,000කට අධික පිරිසක් නියඟයෙන් පීඩාවට පත්ව ඇති අතර ජූනි මාසයේ සිට වැඩිපුරම පීඩාවට පත්වී ඇත්තේ චංකානයි ප්‍රදේශයයි.

මේ අතර, ඔක්තෝබර් මාසය දක්වා ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොලැබෙනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

නිරිතදිග මෝසම් වර්ෂාව මේ වසරේ ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් වර්ෂාපතනයක් ලබා නොදුන්නේ එල්නිනෝ බලපෑම නිසා විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

වාර්ෂිකව ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැඩිම වර්ෂාපතනයක් වාර්තා වනවා.