24.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

රොටවැව ගල්ඔය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ රාත්‍රී මෙම වෙඩි තැබීම සිදුවී ඇති අතර තුවාල ලැබූ පුද්ගලයා මින්නේරිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ රොටවැව ප්‍රදේශයේම පදිංචිව සිටි 27 හැවිරිදි අයෙක්.

ඔහුගේ බිරිඳගේ පියා විසින් පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

වෙඩි තැබීමට යොදාගත් බවට සැකකෙරෙන මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ද සමග සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අද (27) හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, මින්නේරිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා.