― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsපානීය ජල හිඟයෙන් 291,715ක් පීඩාවට

පානීය ජල හිඟයෙන් 291,715ක් පීඩාවට

මේ දිනවල පවතින වියළි කාලගුණය නිසා පානීය ජල හිඟයෙන් පුද්ගලයින් 291,715 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඉන් වැඩි ප්‍රමාණයක් පීඩාවට පත්ව ඇත්තේ උතුරු පළාතෙන් වන අතර උතුරේ පවුල් 23,688කට අයත් පුද්ගලයන් 75,607ක් පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

නැගෙනහිර පළාතේ පවුල් 18,991කට අයත් පුද්ගලයන් 63,265ක් පීඩාවට පත්ව සිටිති.

මේ අතර වියළි කාලගුණය හේතුවෙන් සමනල වැව, කොත්මලේ ජලාශය සහ නෝටන් බ්‍රිජ් ජලාශවලට බලපෑමක් ඇති නොවන පරිදි රොන්මඩ කැණීම් සිදුකිරීමට වාර්තාවක් සකස් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ ඉල්ලා සිටියි.