32 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහරක් කටා, කුඩු සලිඳු ටොන් 05ක කුඩු ලංකාවට එවලා

හරක් කටා, කුඩු සලිඳු ටොන් 05ක කුඩු ලංකාවට එවලා

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් වන නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ සහ සළිඳු මල්ෂිත ගුණරත්න නොහොත් ‘කුඩු සළිඳු’ දෙදෙනා විදේශගතව සිටියදී මත්කුඩු කිලෝ 5,000කට (ටොන් 5) වැඩි ප්‍රමාණයක් මෙරටට එවා ඇති බව අනාවරණය වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබූ වැඩිදුර පරීක්ෂණවලිනුයි මේ බව අනාවරණය වී ඇත්තේ.

රහස් පොලිස් පරීක්ෂකවරුන් විසින් මෙම අපරාධකරුවන් දෙදෙනා සන්තකයේ තිබුණු ජංගම දුරකථන 10ක් විශ්ලේෂණය කිරීමේදී මේ බව අනාවරණය වී තිබේ.

අදාළ දුරකථන දත්ත තාක්ෂණික විශ්ලේෂණයකට යොමු කිරීමේදී මොවුන් මෙරටට මත්ද්‍රව්‍ය ටොන් 5කට වැඩි ප්‍රමාණයක් එවා ඇති බව තහවුරු වී ඇත.