කොළඹ ප්රදේශ කිහිපයකට ඇතුළුවීම තහනම් කරමින් කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අද (28) පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා පෙරටුගාමී සමාජවාදී පක්ෂ වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂවලට අයත් පුද්ගලයින් 24 දෙනෙකුට මෙම තහනම් නියෝගය බලපැවැත්වේ.