සියලු විදෙස් ණය ගෙවීමට රජයට හැකියාව ඇති බවත් සංවර්ධනයට සහ කර්මාන්තවලට හානියක් නොවන අයුරින් ඉන්ධන සංචිත පවත්වාගෙන යාමට රජය කටයුතු කරන බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.
ඊයේ (21) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ව්‍යාපාරිකයන් සමග පැවැති හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
රටේ ආර්ථිකය ගැන ගෙන යන අසත්‍ය ප්‍රචාර මගින් විදෙස් ආයෝජන අවස්ථා රටට අහිමිවන බවත් සියලු විදෙස් ණය ගෙවීමට රජයට හැකියාව ඇති බවත් ඔහු වෙහිදී අවධාරණය කළේය. ණය නොවන ආයෝජන රටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් හෙතෙම එහිදී සඳහන් කළේය.