― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeSportආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙටින් ඇරඹේ

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙටින් ඇරඹේ

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (30) ආරම්භ වීමට නියමිතය.

මෙම තරගාවලිය සඳහා ඇ කාණ්ඩය යටතේ ඉන්දියාව, නේපාලය සහ පකිස්ථානය සහභාගී වන අතර ඹ් කාණ්ඩය යටතේ ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව සහභාගී වේ.

මෙම තරගාවලිය පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

පළමු තරගය හෙට පකිස්තානය සහ නේපාලය අතර දිවා රාත්‍රී තරගයක් ලෙස පාකිස්තානයේ මුල්තාන්හිදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අනිද්දා පල්ලෙකැලේ ක්‍රීඩංගණයේදී පැවැත්වීමට නියමිතය.