― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබස් රථ අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

බස් රථ අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

නුවර මාර්ගයේ කජුගම ප්‍රදේශයේ දී කොළඹ සිට දංඕවිට දෙසට ධාවනය වූ කාර්යාල සේවකයින් රැගත් බස් රථයක් ලංගම බස්රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ (29) රාත්‍රී මෙම අනතුර සිදුව ඇති අතර ලංගම බස් රථය කාන්තන්කුඩි දෙස සිට කොළඹ දෙසට ධාවනය වු ලංගම බස් රථයක් බව ද පොලීසිය පවසයි. පෞද්ගලික බස් රථය එම දිශාවටම ධාවනය වූ වෙනත් වාහනයකට ඉස්සර යෑමේ දී මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් පෞද්ගලික බස්රථ රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබේ. බස් රථ දෙකේ කාන්තාවන් 4ක් සහ පිරිමි පුද්ගලයින් 5 දෙනෙක් තුවාල ලබා වතුපිටිවල සහ වරකාපොළ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 44 හැවිරිදි කඹුරාදෙණිය, දංඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.