32.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsHIV ආසාදිතයින්ගේ වර්ධනයක්

HIV ආසාදිතයින්ගේ වර්ධනයක්

මෙම වසරේ අප්‍රේල් මස සිට ජූනි මස දක්වා වූ දෙවැනි කාර්තුව තුළ HIV ආසාදිතයි සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.

එය පසුගිය වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව සියයට 39ක වැඩිවීමක් බවයි එහි දත්ත වාර්තා පෙන්වා දුන්නේ.

පසුගිය වසරේ දෙවැනි කාර්තුවේදී HIV ආසාදිතයන් 130 දෙනෙකු වාර්තා වී ඇති අතර මෙම වසරේ දෙවැනි කාර්තුවේ HIV ආසාදිතයන් 181 දෙනෙක් වාර්තා වී තිබේ.

අවුරුදු 15 – 24 අතර පිරිමි 26 දෙනෙකු සහ ගැහැණු 3 දෙනෙකු ඊට අයත්ය.

එසේම පසුගිය වසරේ දෙවැනි කාර්තුව තුළදී ඒඩ්ස් මරණ 13 ක් වාර්තා වී ඇති අතර එය මෙම වසරේ දෙවැනි කාර්තුවේදී මරණ 28 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන් වාර්තාවේ දැක්වේ.