― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsවන්දි දිය හැක්කේ බෝග 06කට පමණයි - අමරවීර

වන්දි දිය හැක්කේ බෝග 06කට පමණයි – අමරවීර

නියඟය හේතුවෙන් විනාශයට පත්වූ වගාවන් සඳහා වන්දි ලබාදිය හැක්කේ බෝග 06ක් සඳහා පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

ඊයේ (29) අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ වී, බඩඉරිඟු, මිරිස්, අර්තාපල්, ලොකු ලූනු සහ සෝයා බෝංචි යන වගාවන් සඳහා පමණක් වන්දි ලබාදෙන බවයි.

එමෙන්ම සෙසු වගා වගා හානි සඳහා සහනයක් සැලසීමට හැකියාවක් ඇත්නම් ඒ පිළිබඳව කටයුතු කිරීමට සූදානම් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.