26.1 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews15 දෙනෙක් රෝහලට යැවූ කැබ් රථ අනතුර

15 දෙනෙක් රෝහලට යැවූ කැබ් රථ අනතුර

ඊයේ (30) රාගල පොලිස් වසමේ රාගල – වලපනේ මාර්ගයේ හරස්බැද්ද ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙක් තුවාල ලබා ඇති බව පවසයි.

වලපනේ ප්‍රදේශයේ කෝවිලක පැවති පූජාවකට සහභාගී වීමට පැමිණි පිරිසක් ආපසු කැබ් රථයකින් ගමන් කරමින් සිටියදී කැබ් රථයේ ඇන්ද කැඩීයෑමෙන් මෙම අනතුර සිදුව තිබේ.

එහිදී කැබ් රථයේ ගමන්ගත් පිරිස මාර්ගයට ඇදවැටී ඇති අතර එහිදී තුවාල ලැබූ පිරිස වලපනේ හා රිකිල්ලගස්කඩ රෝහල් වෙත ඇතුළත් කර තිබේ.

මේ වනවිට කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.