― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldපිළිකාව මර්දනයට නව එන්නතක් එංගලන්තයෙන්

පිළිකාව මර්දනයට නව එන්නතක් එංගලන්තයෙන්

එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවය (NHS) විසින් ලොව පළමු වරට පිළිකා රෝගීන් සඳහා එන්නතක් හඳුන්වාදීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පර්යේෂකයින් පවසන්නේ එමඟින් ප්‍රතිකාර කාලසීමාව 75%කින් පමණ අඩුකර ගත හැකි වෙතැයි අපේක්ෂා කරන බවයි.

එරට ඖෂධ නියාමන අධිකාරිය ඊට අනුමැතිය ලබාදී ඇති අතර මේ වනවිට ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා ‘අටෙzඔලිzඋමබ්’ ප්‍රතිශක්ති චිකිත්සාව ලබාගන්නා පිළිකා රෝගීන්ට මෙම නව එන්නත ලබාදීමට නියමිතය.

එහිදී අදාළ ඖෂධය එන්නතක් ලෙස ලබාදීමට නියමිත අතර එමඟින් රෝගියෙක් වෙනුවෙන් වෛද්‍ය කණ්ඩායම් වෙන්කරනු ලබන කාලයද සැලකිය යුතු ලෙස අඩුවෙතැයි අපේක්ෂා කෙරේ.