― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsහිටපු ජනාධිපති මෛත්‍රීපාල විජයකලාගේ නිවසට - photos

හිටපු ජනාධිපති මෛත්‍රීපාල විජයකලාගේ නිවසට – photos

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (21) යාපනය දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේශ්වරන්ගේ නිවසට ගොස් සුහද සාකච්ජාවක් පවත්වා තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විජයකලා මහේශ්වරන්ගේ නිවසේ පැවති ආහාර වේලකට එක්ව ඇති අතර සුහද පිළිසඳරකද නිරත විය.

හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු වෙනුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයට එක්වු අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු රාජ්‍ය අමාත්‍යවරියක වන විජයකලා මහේශ්වරන් මහත්මිය හමුවීම සුවිශේෂි කරුණකි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර හා කොළඹ පුරපතිනි රෝසි සේනානායකද එක්ව සිටියහ.