27 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSportසියලුම දේශීය ක්‍රිකට් තරගාවලි අත්හිටුවයි

සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි අත්හිටුවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අභියාචනා උපදේශක කමිටුව විසින් සිදුකළ නිර්දේශයක් අනුමත කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

දැනට ක්‍රියාත්මක වන අන්තර් සමාජ තුන්දින තරගාවලිය සහ ආරාධිත ක්‍රිකට් සමාජ අතර පැවැත්වෙන ටියර් B තුන්දින තරගාවලි ද ඊට අයත්ය.