දකුණු චීන මුහුදේ මත භේදකාරි දිවයින් කිහිපයක් ඇතුළුව 80%ක ප්‍රදේශ තමන් සතුව ඇති බවට සඳහන් නව සිතියමක් චීනය විසින් හඳුන්වා දී තිබෙනවා.
මෙම නව සිතියමෙන් පෙන්වා දී ඇත්තේ සම්පත් බහුල ස්පාලි සහ පාසල් යන දිවයින් ද නිත්‍යානුකූලව චීනයට අයත් බවයි.
මෙලෙස චීනය තම සිතියම මඟින් අයිතිය ප්‍රකාශ කරන ලද දකුණු චීන මුහුදට අයත් රටවල් කිහිපයක්ම විරෝධතා දක්වා ඇති බවයි වාතථා වන්නේ.
මෙම සිතියම අවලංගු සිතියමක් වශයෙන් හඳුන්වාදෙන වියට්නාමය පවසන්නේ චීනය එළි දක්වා ඇති දකුණු චීන මුහුදේ නව සිතියම වියට්නාමයේ ස් ස්වෛරී සාගර අයිතිය උල්ලංඝනය කරන බවයි.
පිලිපීනය, තායිවානය සහ මැලේසියාව ද චීනයේ නව සිතියම ප්‍රතික්ෂේප කරන බවයි වාතථා වන්නේ.