― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportපාකිස්ථානයට ලකුණු 267ක ඉලක්කයක්

පාකිස්ථානයට ලකුණු 267ක ඉලක්කයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට පාකිස්ථානයට ලකුණු 267ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 48යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 266ක්.

ඉෂාන් ක්‍රිෂන් පන්දු 81කින් ලකුණු 82ක් ලබා ගත්තේ හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් ද සමගින්.

හර්දික් පාන්ඩියා පන්දු 91කින් ලකුණු 87ක් ලබාගත්තා. ඊට හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් ඇතුලත්.

පන්දු යැවීමේදී ශහීන් ෂා අෆ්රිඩි ලකුණු 35කට කඩුලු 4ක් බිඳහෙළුවා. හැරිස් රාවුෆ් කඩුලු 3යි. Naseem Shah කඩුලු 3ක් දවා ගත්තා.