― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඑක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක කථානායක හමුවෙයි

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක කථානායක හමුවෙයි

කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ අභිනවයෙන් පත්වූ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ අතර හමුවක් පසුගියදා (01) පාර්ලිමේන්තුවේ දී සිදුවුණා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර ද එක්ව සිටි බවයි පාර්ලිමේන්තුව නිවේදනය කළේ. ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී පනත සම්මත කරගැනීම සහ පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය පිහිටුවීමට සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ මෙහිදී සුබපැතුම් පිරිනැමුවා.

එමෙන්ම මෙම කටයුතු ඉදිරියට සිදුකිරීම සඳහා ඉදිරි වසර 05 සඳහාවන නව සහයෝගීතා වැඩසටහන හරහා ඩොලර් මිලියන 300ක් ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානම් බවද ඔහු සඳහන් කළා.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංවර්ධන හවුල්කරුවෙකු ලෙස නිරතුරුව ලබාදෙන සහයෝගය පිළිබදව කථානායකවරයා සිය කෘතඥතාව පළකර සිටියා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය, මැතිවරණ ක්‍රමය, සාමය ගොඩනැගීමේ කටයුතු සහ දේශපාලනයේ කාන්තා නියෝජනය යන කරුණු පිළිබඳව ද මෙහිදී දෙපාර්ශ්අවය අතර අදහස් හුවමාරු කර ගැනුණා.

දේශපාලනය තුළ කාන්තා නියෝජනය තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ගෙන යන වැඩපිළිවෙළ සහ ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා තරුණ නියෝජිතයන් ඇතුළත් කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මෙහිදී කරුණු පැහැදිලි කර සිටියා.