29 C
Colombo
Wednesday, October 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනාවල පාරේ දුම්රිය හරස් මාර්ගය වැසෙයි

නාවල පාරේ දුම්රිය හරස් මාර්ගය වැසෙයි

නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 9 වැනිදා පෙරවරු 8 සිට පසුදින (10) පෙරවරු 6 දක්වා කැලණිවැලි දුම්රිය මාර්ගයේ නාරාහේන්පිට සහ නුගේගොඩ දුම්රිය ස්ථාන අතර පිහිටි නාවල පාර දුම්රිය හරස් මාර්ගය වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දුම්රිය හරස් මාර්ගය 9 වැනිදා පෙරවරු 8.00 සිට පස්වරු 2.00 දක්වා අර්ධ වශයෙන්ද, එදින පස්වරු 3.00 සිට 10 වැනිදා පෙරවරු 6.00 දක්වා සම්පූර්ණයෙන්ද වසා තබන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

මෙම කාලය තුළ වාහන සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි.