අධිකරණ තීන්දුවට අනුව මුලතිව් – කොක්කුතුඩුවායි මිනිස් සුසාන භූමියේ කැණීම් කටයුතු අද (05) ආරම්භ කෙරෙනවා.
මුලතිව් කොක්කුතුඩුවායි ප්රදේශයෙන් සොයාගත් මෙම සුසාන භූමියට අදාළ නඩුවේ සාක්ෂි විභාගය පසුගිය 31 වැනිදා මුලතිව් අධිකරණයේදී පැවැත්විණි.
මේ අතර මුලතිව් – කොක්කුතුඩුවායි මිනිස් සුසාන භූමියේ කැණීම් කටයුතු අදාළ සියලු පාර්ශ්වයන්ගේ සහයෝගයෙන් අද සිදුකිරීමට මුලතිව් මහේස්ත්රාත් අධිකරණය නියෝග කළා.
ඒ අනුව සුසාන භූමියේ කැණීම් කටයුතු අද සිදුකිරීමට නියමිතයි.