― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනියඟයෙන් කුඹුරු අක්කර 70,000කට හානි

නියඟයෙන් කුඹුරු අක්කර 70,000කට හානි

මෙම වසරේ සැප්තැම්බර් 04 දින වනවිට වාර්තා වී ඇති වගා හානි පිළිබඳ වාර්තාවට අනුව නියඟය හේතුවෙන් හානියට පත් මුළු කුඹුරු ප්‍රමාණය අක්කර 60,930ක් බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

ඉන් බලපෑමට ලක්ව සිටින ගොවීන් ප්‍රමාණය 62,375 දක්වා ඉහළ ගොස් ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ. වැඩිම වගා හානි ප්‍රමාණය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ප්‍රමාණය අක්කර 26,654.40ක්.

දෙවන ස්ථානයට හානියට ලක් වූ වැඩිම කුඹුරු ප්‍රමාණය උඩවලව කලාපයෙන් වාර්තා වන අතර එය අක්කර 14,810.13ක්. උඩවලව කලාපයේ බලපෑමට ලක්ව ඇති ගොවීන් ප්‍රමාණය 11,651ක් බව සඳහන්.

එමෙන්ම එම දිස්ත්‍රික්කයේ බලපෑමට ලක්ව ඇති ගොවීන් ප්‍රමාණය 32,144ක් බවයි වාර්තා වන්නේ. මෙවර යල කන්නයේ වගා කරන ලද සමස්ත කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් පන් ලක්ෂ තුන්දහසක් වනවා.

දැනට වගා හානි වාර්තා වන ආකාරය අනුව නියඟය හේතුවෙන් අවම වශයෙන් අක්කර 70,000ක් පමණ හානියට ලක්ව ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ.

මෙම වගාහානි මගින් රටේ සහල් අවශ්‍යතාවයට බලපෑමක් එල්ල නොකරන අතර ලබන මහ කන්නයේ වී අස්වනු නෙලාගන්නා තෙක් අවශ්‍ය සහල් හා වී තොග රට තුළ පවතින බවයි කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.