27.2 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅපරාධ මැඩලීමට විශේෂ කමිටුවක්

අපරාධ මැඩලීමට විශේෂ කමිටුවක්

මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට හා මහජන ආරක්ෂක අමාත්‍යාංශයට වාර්තා කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා.

බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මෙම කමිටුව පත්කර ඇති බවයි.

ශ්‍රී ලංකාව තුළ සිදුවන සංවිධානාත්මක අපරාධ මැඩලීම හා පොලිසියේ කාර්යභාරය මැයෙන් අද (06) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා කෙටිකාලීන හා දීර්ඝකාලීනව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව අධ්‍යයනයකින් පසුව ඒ සම්බන්ධ නිර්දේශයන් ඉදිරිපත් කරන බයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ.

අපරාධකරුවන් සම්බන්ධයෙන් නිවැරදි දත්ත පද්ධතියක් නොමැති වීම මෙරට අපරාධ ඉහළ යෑමට මූලික හේතුවක් බව ද දේශබන්දු තෙන්නකොන් මහතා සඳහන් කළා.

ඉදිරි මාස 03 ඇතුළත අපරාධ මැඩලීම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි ඔහු කියාසිටියේ.