― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබස්නාහිරෙන් ඩෙංගු රෝගීන් 30,000ක්

බස්නාහිරෙන් ඩෙංගු රෝගීන් 30,000ක්

පවතින අධික වර්ෂාවත් සමග දිවයින පුරා ඩෙංගු රෝගය යළි හිස ඔසවන බවට ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවා තිබේ.

එම ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න පැවසුවේ මේ වසර තුළ බස්නාහිර පළාතින් පමණක් ඩෙංගු රෝගීන් 30,300කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.

අධික වර්ෂාව හේතුවෙන් පාසල් සිසුන් අතර ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බවත් හැකි තරම් තම අවට පිරිසුදු කර ගනිමින් ඩෙංගු මදුරුවන්ගෙන් තොර කලාපයක් බවට පත්කර ගත යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.

ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 62,254 දෙනෙක් වාර්තා වී ඇති බවත් සමස්ත රෝගී සංඛ්‍යාවෙන් 30,355 දෙනෙක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කර ඇති වාර්තාවක දැක්වේ.