― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදුමින්ද නාගමුවට අධිකරණ නියෝගයක්

දුමින්ද නාගමුවට අධිකරණ නියෝගයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශය වෙත කැඳවා තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කරමින් මෙම කැඳවීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ. ඒ අනුව ලබන 12 වෙනිදා උදේ 9.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් විහාරික අංශයේ පෙනී සිටින ලෙසයි ඔහුට දන්වා ඇත්තේ.

ෆේස්බුක් සහ යූ ටියුබ් නාළිකා ඔස්සේ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට මෙම කැඳවීම සිදුකර තිබෙනවා.