පවතින අධික වර්ෂා හේතුවෙන් දිස්ත්රික්ක පහක ප්රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.
ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයක් සඳහා මෙලෙස නිකුත් කර තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන දීර්ඝ කර තිබෙනවා.
අද (07) සවස 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීම් බලපැවැත්වෙනවා.