― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඑන්නතකින් පසු තවත් මල් කැකුළක් ජීවිතක්ෂයට

එන්නතකින් පසු තවත් මල් කැකුළක් ජීවිතක්ෂයට

මාතර වැලිගම ප්‍රදේශයේ තවත් බිළිඳු දරුවෙකුට එන්නතක් නිසා ඇතිවූ සංකූලතා හේතුවෙන් දිවි අහිමි වී තිබේ.

පසුගිය (02) වැලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සායනයකදී තම මාස 04 ක් වයසැති බිළිඳාට එන්නතක් ලබාදුන් බවත් එන්නත ලබා දීමෙන් පසුවදා දරුවා අධික ලෙස සීතල වීමෙන් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළ බවත් දරුවාගේ දෙමාපියන් පවසති.

කෙසේනමුත් දරුවාගේ දෙමාපියන් චොදනා කරන්නේ මෙම එන්නත හේතුවෙන් තම දරුවාට දිවි අහිමි වූ බවයි.