― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldබ්‍රසීලයේ ගංවතුරෙන් 31 දෙනෙක් ජීවිතක්ෂයට

බ්‍රසීලයේ ගංවතුරෙන් 31 දෙනෙක් ජීවිතක්ෂයට

බ්‍රසීලයේ Rio Grande do Sul ප්‍රාන්තයේ අධික වර්ෂාවෙන් පසු ඇතිවූ ගංවතුරෙන් 31කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සුළි කුණාටුව සතියේ ඉතිරි කාලයෙදිත් කලාපයට බලපෑම් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර එරට සමාජ සංවර්ධන අමාත්‍යාංශය (MDS) පවසන්නේ දකුණු ප්‍රාන්ත දෙකේ අවම වශයෙන් මහ නගර සභා 50 කටවත් බලපෑම් එල්ල වී ඇති අතර Rio Grande do Sul හි Muçum නගරයෙන් 80% ක් පමණ ජලයෙන් යට වී ඇති බවයි.

එමෙන්ම ජැකුයි ගඟ සහ ජැකුයි ඩෙල්ටා අවට ගංවතුර අනතුරු ඇඟවීමක්ද නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.