31 C
Colombo
Saturday, January 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමේ වසරේ 4500කගේ කොරියා සිහිනය සැබෑ වෙලා

මේ වසරේ 4500කගේ කොරියා සිහිනය සැබෑ වෙලා

තවත් ශ්‍රී ලාංකිකයන් 170 දෙනෙකු රැකියා සඳහා දකුණු කොරියාවට ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

පසුගියදා (05) ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල් 470 දරණ ගුවන් යානයෙන් එම ශ්‍රමිකයි කණ්ඩායම පිටත්ව ගිය බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් මේ වසරේ මුල් මාස 08 තුළ ශ්‍රී ලාංකිකයන් 4,556 දෙනෙකු රැකියා සඳහා දකුණු කොරියාවට යවා ඇත.

සිය සේවා කාලය සම්පූර්ණ කළ ශ්‍රී ලාංකිකයන් 3,565 දෙනාගෙන් 991 දෙනෙකුට දකුණු කොරියාවේ පෙර සේවයට සම්බන්ධ වීමට නැවත අනුමැතිය ලැබී ඇත.

දකුණු කොරියාවේ සේවය කරන මුළු ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාවෙන් නිෂ්පාදන අංශයේ 3,774 ක්, ධීවර අංශයේ 639 ක්, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ 140 ක් සහ කෘෂිකාර්මික අංශයේ 3 ක් වේ.

පිරිමින් 4,462 ක් සහ කාන්තාවන් 94 ක් මෙම කණ්ඩායමේ සිටින බව කාර්යාංශය වැඩිදුරටත් පැවසීය.