31 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅමෙරිකාවෙන් තවත් ඩොලර් බිලියනයක යුද ආධාර යුක්‍රේනයට

අමෙරිකාවෙන් තවත් ඩොලර් බිලියනයක යුද ආධාර යුක්‍රේනයට

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (06) රාත්‍රියේ හදිසියේම යුක්‍රේනයේ කීව් අගනුවරට හදිසියේම පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදී රාජ්‍ය ලේකම්වරයා තවත් ඩොලර් බිලියනයක යුද ආධාර යුක්‍රේනයට ලබාදීම සහතික කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම සංචාරයේදී යුක්‍රේන ජනාධිපති ව්ලැද්මීර් සෙලෙන්ස්කි, අගමැති සිනයිස් ෂම්යාල් සහ විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා හමු වී සාකච්ඡා කර තිබේ.

කීව් අගනුවරදී යුක්‍රේන විදේශ ඇමති සමඟ අමෙරිකානු මැක්ඩොනල්ඩ් අවන්හලකටද ගොඩ වැද ඇති බවයි වාර්තා වන්නේ.

අමෙරිකාව යුක්‍රේනයට ලබාදෙන ඩොලර් බිලියනයක නව ආධාර පැකේජයෙන් ඩොලර් මිලියන 175ක් වෙන්වන්නේ යුද ආයුධවලට බව වාර්තා වේ.