― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldහොංකොං සහ දකුණු චීනයේ දරුණු ගංවතුරක්

හොංකොං සහ දකුණු චීනයේ දරුණු ගංවතුරක්

හොංකොං සහ දකුණු චීනයේ නගරවල වාර්තාගත ලෙස පවතින අධික වර්ෂාපතනය නිසා දරුණු ගංවතුරක් තත්ත්වයකට මුහුණ දී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

හොංකොං හි වීදි සහ උමං දුම්රිය ස්ථාන ගංවතුරින් යට වීමත් සමග පාසල් සහ සේවා ස්ථාන වසා දැමීමටද කටයුතු කර ඇති අතර එරට කාලගුණ කාර්යාංශය පවසන්නේ බ්‍රහස්පතින්දා ආරම්භ වූ වර්ෂාව වසර 140කට පමණ පසු නගරයට බලපෑ විශාලතම වර්ෂාව බවයි.

හොංකොං බලධාරීන් පැවසුවේ අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය පැය 24 තුළ අවම වශයෙන් පුද්ගලයින් 83 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි.

ඊයේ රාත්‍රියේ ‘කළු’ වැසි කුණාටු සංඥාවක්ද නිකුත් කර ඇති අතර එය පැයකට මිලිමීටර් 70 ඉක්මවූ වර්ෂාපතනය හේතුවෙන් නිකුත් කරන අනතුරු ඇඟවීමකි.

හොංකොං වැසි නිරීක්ෂණාගාරය පැයකට මිලිමීටර් 158.1ක වර්ෂාපතනයක් පතිත වන බව වාර්තා කළ අතර එය 1884 වසරෙන් පසු වාර්තා වූ වැඩිම වර්ෂාපතනයයි.