― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldඉන්දියාවේ ආරක්ෂාව තර කෙරේ

ඉන්දියාවේ ආරක්ෂාව තර කෙරේ

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ආරක්ෂාව තර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2023 G20 සමුළුව හෙට සහ අනිද්දා දෙදින තුළ ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී පැවැත්වෙන අතර ඒ සඳහායි මෙලෙස නවදිල්ලි අගනුවර ආරක්ෂාව තර කර ඇත්තේ.

ඉන්දියාව, චීනය, මහා බ්‍රිතාන්‍ය, අමෙරිකාව, රුසියාව ඇතුළු රටවල් 19කින් සහ යුරෝපා සංගමයෙන් ද ඝ්20 කණ්ඩායම සමන්විත වෙයි.

එය ක්‍රියාත්මක වන්නේ ගෝලීය ආර්ථිකය ඇතුළු කරුණු පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමිනි.

එහි 2023 සමුළුව මෙවර පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ ඉන්දියාවේ නව දිල්ලි අගනුවරදීය.

IMF හි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මෙන්ම රාජ්‍ය නායකයින් රැසක් මේ වනවිටත් ඉන්දියාව වෙත ළඟා වී තිබේ.