― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportසුපිරි 04 වටයේ ඉන්දු – පාකිස්ථාන තරගය වෙනුවෙන් අතිරේක දිනයක්

සුපිරි 04 වටයේ ඉන්දු – පාකිස්ථාන තරගය වෙනුවෙන් අතිරේක දිනයක්

ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 04 වටයේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය වෙනුවෙන් අමතර දිනයක් වෙන් කිරීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ලබන 10 වනදා මෙම තරගය වෙනුවෙන් දිනය වෙන්කර ඇති අතර, මෙම තරගයට පැවැත්වීමට කිසියම් හෙයකින් වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් එම තරගය යළි පැවැත්වීමයි මෙලෙස අතිරේක දිනයක් වෙන්කර ඇත්තේ.

ඒ, අනුව මෙම තරගය වෙනුවෙන් ලබන 11 වනදා මෙලෙස අතිරේක දිනය ලෙස වෙන් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම තරගය ක්‍රියාත්මක වෙමින් පැවතිය දී වර්ෂාවෙන් බාධා එල්ල වී තරගය සම්පූර්ණ කිරීමට නොලැබුණහොත් තරඟය අත්හිටුවන ලද ස්ථානයේ සිට සැප්තැම්බර් 11 වන දිනයේ දී තරගය යළි ආරම්භ කිරීමට නියමිතයි.

එවැනි අවස්ථාවකදී, ප්‍රවේශපත්‍ර හිමිකරුවන්ට තම තරග ප්‍රවේශපත්‍ර සන්තකයේ තබාගෙන සිටින ලෙස උපදෙස් ලබා දෙනවා.

සුපිරි 04 තරග වටයේ අනෙකුත් කිසිඳු තරගයක් සඳහා මෙලෙස අතිරේක දිනයන් වෙන් නොකරන බව ද ආසියානු ක්‍රිකට් කවුන්සිලය අවධාරණය කරනවා.

මේ අතර තරගාවලියේ මුලික වටයේ දී දෙපිළම පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී එකිනෙකා මුණ ගැසුණු අතර. එම තරගයටත් වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා පාකිස්ථාන පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුනේ නැහැ.