31 C
Colombo
Sunday, May 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSportශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද , තරගයට වර්ෂාවෙන් බාධා ?

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද , තරගයට වර්ෂාවෙන් බාධා ?

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ දෙවන තරගය අද (09) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මෙම තරගය පැවැත්වෙන අතර තරගය අද (08) පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතයි.

මේ අතර මෙම තරගය සඳහා එක්වන කණ්ඩායම නම් කිරීම අද දිනයේ තණ තීරුව පරීක්ෂා කිරීමෙන් පසු සිදුකරන බව බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසනවා.

තරගයට පෙර ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

අද තරගය සඳහා ද බොහෝ දුරට වර්ෂාවෙන් බාධා එල්ල විය හැකි බවයි තොරතුරු වාර්තා වන්නේ.

අද දිනය තුළ කඩින් කඩ වැසි ඇති වීමේ හැකියාව පවතින නමුත් තද වැසි ඇති වෙතැයි අපේක්ෂා නොකරන බව කාලගුණ අංශ දැනුම් දෙනවා.

මේ අතර හෙට (10) දිනයේ දී පැවැත්වීමට නියමිත ඉන්දු – පාකිස්ථානය තරගය සඳහා අමතර දිනයක් ලෙස අනිද්දා (11) දිනය වෙන් කිරීමට කටයුතු කර තිබෙනවා.

හෙට තරගයට වර්ෂාවෙන් යම් බාධාවක් එල්ල වුවහොත් එම තරගය අනිද්දා දිනයේ පැවැත්වීමට ඒ අනුව සැලසුම්කර ඇති බවයි වාර්තා වුණේ.