27.8 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජල විදුලි නිෂ්පාදනය ඉහළට

ජල විදුලි නිෂ්පාදනය ඉහළට

විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට සුළු වශයෙන් වර්ෂාව ලැබීමත් සමඟ ජල විදුලි නිෂ්පාදනය සියයට 20 දක්වා ඉහළ දැමූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න පැවසීය.

එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජල විදුලි නිෂ්පාදනයේ ප්‍රතිශතය දිනෙන් දින වර්ෂාව ලැබෙන ආකාරය අනුව වෙනස් වන බවයි.

ජලාශවල පෝෂක ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාවක් මෙතෙක් ලැබී නොමැති බවත් ඉදිරි දිනවල වර්ෂාව නොලැබුණ හොත් නැවතත් නිෂ්පාදනය පහත දැමීමට සිදුවන බවත් ඔහු අවධාරණය කළේය.