― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeWorldසැප්තැම්බර් ප්‍රහාරයට අදට වසර 22යි

සැප්තැම්බර් ප්‍රහාරයට අදට වසර 22යි

ඇමරිකාවේ නිව්යෝක් සහ වොෂින්ටන් නගරවලට එල්ල වූ සැප්තැම්බර් 11 ප්‍රහාරයට අදට වසර 22 ක් සම්පූර්ණ වෙයි.

2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ මරාගෙන මැරෙන ප්‍රහාරකයින් 19 දෙනෙකු යොදාගනිමින් මෙම ප්‍රහාරය එල්ල කරනු ලැබූ අතර ඉන් පුද්ගලයන් 2,977 දෙනෙකුට දිවි අහිමි විය.

ඇමරිකා එක්සත් ජනපදයට අයත් මගී ප්‍රවාහන ගුවන් යානා 4 ක් එකවර පැහැර ගනිමින් ඔවුන් මෙම ප්‍රහාරය දියත් කළේය.

ඇමරිකාවේ නිව්යෝක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථාන ද්විත්ව ගොඩනැගිල්ල මෙන්ම පෙන්ටගනය හෙවත් ඇමරිකානු ජාතික ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මූලස්ථාන ගොඩනැගිල්ල වෙත මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරනු ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.