― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරාජකුමාරිගේ මරණයට අත්අඩංගුවට ගත් පිරිස යළි රිමාන්ඩ්

රාජකුමාරිගේ මරණයට අත්අඩංගුවට ගත් පිරිස යළි රිමාන්ඩ්

වැලිකඩ පොලිස් අත්අඩංගුවේ දී රාජන් රාජකුමාරි නැමැති කාන්තාවක් මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින එම පොලිසියේ හිටපු නිලධාරීන් හතර දෙනා ලබන 18 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම සැකකරුවන් අතරින් පොලිස් සැරයන්වරු දෙදෙනෙකු සහ කොස්තාපල්වරයෙකු අද (11) දිනයේදී හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා යොමු කරනු ලැබුවා.

එහිදී විත්තිය විසින් මතු කරනු ලැබූ විරෝධතාවක් හේතුවෙන් එම පෙරෙට්ටුව අවලංගු කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා එම සැකකරුවන් පෙරෙට්ටුව සඳහා ලබන 18 වනදා යළි ඉදිරිපත් කරන ලෙසත් ද නියෝග කළා.

මෙහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනක පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියෙන් අනතුරුව වැලිකඩ පොලිසියෙන් මාරුකළ ස්ථානාධිපතිවරයා යළි එම තනතුරේ පිහිටුවා ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඉන් විමර්ශනවලට අගතියක් සිදුවිය හැකි බවත් දන්වා සිටියා.

කෙසේ වෙතත් මෙම කරුණු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා නියෝගයක් ලබා දුන්නේ නැහැ.