25.6 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශෂී වීරවංශට එරෙහි නඩුව කල් යයි

ශෂී වීරවංශට එරෙහි නඩුව කල් යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහිව පවරා ඇති නඩුවක් ලබන ඔක්තෝම්බර් මස 31 වනදා කැඳවීමට තීරණය වී තිබෙනවා.

ව්‍යාජ ජාතික හැඳුනුම්පත් දෙකක් ළග තබා ගැනීම සම්බන්ධයෙනුයි ඇයට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ. කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අද මෙම නියෝගය ලබාදී තිබෙනවා.

පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීමට අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටි හිටපු ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා ඇතුළු සාක්ෂිකරුවන් දෙදෙනාට ද එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටයි නියෝග කර ඇත්තේ.

එදින නඩුවට අදාළ මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට ද විත්තියට ඉඩ ලබා දෙනු ලැබුවා. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේදී මෙලෙස ව්‍යාජ ජාතික හැඳුනුම්පත් දෙකක් භාවිත කළ බවටයි ඔහුගේ බිරිඳ වන ශෂී වීරවංශට චෝදනා ඉල්ලවී ඇත්තේ.