22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපෘතුගාලයේ වීදි දිගේ ගලා ගිය වයින්

පෘතුගාලයේ වීදි දිගේ ගලා ගිය වයින්

පෘතුගාලයේ කඳු බෑවුමකින් වයින් ලීටර් මිලියන ගණනක් වීදි දිගේ ගලා යන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.

නගරයේ ස්කාගාරයකින් රතු වයින් ලීටර් මිලියන 2 කට වඩා වැඩි ප්‍රමාණයක් සහිත බැරල් ටැංකි අනපේක්ෂිත ලෙස පුපුරා යාමෙන් මෙලෙස වීදි දිගේ වයින් ගලා යාමට පටන් ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

වයින් ගලා යාමෙන් පසු පාරිසරික අනතුරු ඇඟවීමක්ද නිකුත් කර ඇති අතර වයින් නගරයේ සෙසු ප්‍රදේශවලට ගලා යාමට පෙර ස්කාගාරය අසල නිවසක පහළම මාලය ජලයෙන් යටවී ඇති බවත් වාර්තා වෙයි.

ස්කාගාරය නිවේදනයක් නිකුත් කරමින් සමාව ඉල්ලා ඇති අතර සිදුවූ හානිවලට මෙන්ම පිරිසිදු කිරීම් සහ අලුත්වැඩියා කිරීම් සම්බන්ධ වියදම් සඳහා සම්පූර්ණ වගකීම භාර ගන්නා බවත් පවසා තිබෙනවා.